FAIL (the browser should render some flash content, not this).
 
   
   

ජනතා හිතවාදීව ඔවුන්ගේ යහපත් දිවි පැවැත්මට සහය වන විශිෂ්ඨතම රාජ්‍ය ආයතනය වීම යන දැක්මෙන් යුක්තව මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මැනවින් ඔවුන්ගේ කාර්ය නීසියාකාරයෙන් ඉටු කරන්නෙ ඉහත දැක්වෙන දැක්ම මැනවින් පසක් කරමිනී. මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කො‍ට්ඨාශයට අයත් ගම් 224ක් සහ ග්‍රාම සේවා කො‍ට්ඨාශ 121කින් සමන්විත මෙහි සියළුම පරිපාලන කටයුතු සිදු කරන්නෙ මෙම ආයතනය හරහාය.
මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය පිලිබද මුලික දත්ත කිහිපයක්
මැතිවරණ කොට්ඨාශය
ග්‍රාම සේවා කොට්ඨාශය සංඛ්‍යාව 121
ගම් සංඛ්‍යාව 224
පවුල් සංඛ්‍යාව 38938
සමෘද්ධි ලාභි පවුල් සංඛ්‍යාව 11070
පාසල් සංඛ්‍යාව 52
ආගමික ස්ථන  
පන්සල් 87
මෙතොදිස්ත හා කතොලික දෙවස්ථාන 15
මුස්ලිම් 03
   
   


ජනගහනය ජාතින් අනුව,

  • සිංහල - 169431
  • මුස්ලිම් -6029
  • දෙමළ - 691
  • වෙනත්- 214
මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සෙවා අංශ 9කින් යුක්ත වේ. එවා නම්,
  • ආයතන අංශය
  • හැදුනුම්පත් අංශය
  • ඉඩම් අංශය
  • ගිණුම් අංශය
  • බලපත්‍ර අංශය
  • විශ්‍රාම වැටුප් අංශය
  • සැලසුම් අංශය
  • සමෘද්ධි අංශය
  • කේෂ්ත්‍ර නිලධාරී අංශය

මෙම අංශ තුලින් සැලසෙන ප්‍රධාන සෙවා වන්නෙ,
  • බලපත්‍ර නිකුත් කිරීම / නිර්දේශ කිරීම
  • ආධාර / සහනාධාර ගෙවීම් හෝ ඒ සඳහා නිර්දේශ කිරීම
  • ලියාපදිංචි කිරීම් හෝ ඒ සඳහා නිර්දේශ කිරීම
  • සහතික නිකුත් කිරීම් / අනු අත්සන් කිරීම්
  • සෘජු දායක ප්‍රතිලාභ
  • නිරවුල්කරණ / සමථකරන සේවා
  • සමාජ සංවර්ධන සේවා
  • ආර්ථික සංවර්ධන සේවා
  • සම්බන්ධීකරණ සේවා

හදිසි දුරකථන අංක 011-2296715,

වෙබ් අඩවිය http://www.ds.gov.lk/ds/minuwangoda/


විශේෂ ස්තුතිය : පරිපාලන නිලධාරි කල්‍යාණි මිය, සංවර්ධන සහකාර හේරත් මිය