W;a;sh l=ure meñKsu
il, l,d rcq meñKsu
l¿l=udr yd úruqKav
 
 

 

 

 

උත්තිය කුමරු උඩුගම්බලා පැමිණි උඩුගම්පොළ

කැළණිය පුරවරය ඒ දවස අයත්ව තිබුණේ මායා රටටය. මෙම කාලයේදී කැළණි පුරවරය අයත්ව තිබුණේ කැළණිතිස්ස රජුටය. එය හිමි වූයෙ ගෝඨභය රජු කැළණි සිහසුන කැළණිතිස්ස රජුට පවරා මාගම්පුරය බලා යාමෙන් පසුවය. කැළණිතිස්ස රජුට උත්තිය නම් සහෝදරයෙකුද විය. මොවුන් කුඩා කළ අකුරු උගත්තේ එකටමය.

මේඅතරවාරයේ උත්තිය කුමරා හොර රහසේම කැළණිතිස්ස රජුගේ බිසව සමග අනියම් සබදතාවක් ගොඩනගා ගෙන කල් යත්ම එය රජුට සැල විය. මෙය රජුට සැලවීමෙන් පසු රජු විසින් කෝපාවිෂ්ඨව උත්තිය කුමරුවන්ට නිග්රයහ කරවැයි දඩුවම් නියම කෙරිණි. මෙය සැලවූ වහාම උත්තිය කුමරු රන් අශ්වයෙකු මත නැගී කැළණි පුරවරයෙන් වන දුර්ඝ මැදින් උඩුගම්පාළ ප්‍රදේශයට පලා ආවේය. එම කාලයේදී මෙම ප්ර්දේශය කැලෑ ගහන ප්රුදේශයක් විය. එම උත්තිය කුමරු උඩුගම් බලා පැමිණීමෙන් මෙම ප්රලදේශය උඩුගම්පොළ නම් විය. උත්තිය කුමරා උඩුගම්පොළ ප්‍රදේශයේ සැගව සිටිමින් කල්පනා කලේ කැළණිතිස්ස රජුගේ (තම සොයුරු) බිසවට රහස් පතක් යවන ආකාරය පිළිබදවයි. එකල රජ වාසලට සාමාන්‍ය පුද්ගලයෙකුට ඇතුළු වීමට අවසර නොවීය. එහෙයින් ඔහු කල්පනා කරන විටදී ඔහුට කල්පනාවට පැමිණියේ රජුන් නිතර ඇසුරු කරන රහතන් වහන්සේලාය. රජවාසලට රහතන් වහන්සේලාට පැමිණීමේ ඇති අවසරය ප්රේයෝජනයට ගෙන උත්තිය කුමරු විසින් හොර චීවර දාරියෙකු ලෙස වෙස් ගන්වා රජවාසල වෙත යැවීය.

udugampola Udugampola Minuiwangoda

රජගෙදරට දනට වඩින මහරහත් තෙරුණ්ගේ නාමයත් කැළණිතිස්ස තෙරුණ් විය. කැළණිතිස්ස තෙරුණ් දනට වඩිනු මග බලා සිටි හොර චීවරදාරියා කැළණිතිස්ස තෙරුණ් සමගම රජ ගෙය තුළට ඇතුළු විය. දනට වැඩි තෙරුණ් ප්රලධාන දොරටුව වෙත ගොස් ඇරලීම රජ පවුලේ පුරුද්දක් විය. එදිනද දන් වලදා ආපසු වඩිනා අවස්ථාවේදී හොර චීවරදාරියා විසින් රහස් පත බිසවට දීමට ගොස් එම පෙම් පත වැටෙනු ඇසී රජුගේ නෙතට ග්‍රහණය විය. එහිදී එම හසුන දුටු රජු සිතුවේ මෙය කැළණිතිස්ස තෙරුණ් විසින් හසුන බිසවට දෙන ලද්දක් බවටය. එම දුරදිග නොබැලීමේ ක්‍රියාවෙන් රජු නියෝග කලේ මහ රහත් තෙරුණ්ව රත්වන තෙල් කටාරමක බහා අපවත් කරවන ලෙසටය.

එලෙස සිදුවීමට හේතුව වූ කැළණිතිස්ස රජුන්ටත් උත්තිය කුමරාටත් අකුරු කරන ලද්දේ මෙම කැළණිතිස්ස මහ රහත් තෙරුණ් විසිණි. එහෙයින් මෙම අත් අකුරු සමාන බව ජනප්‍රවාද වල සදහන් වේ. මෙලෙස රත්වන තෙල් කටාරම මත වැඩ හිදිමින් අවසන් ගමන් ගිය කැළණිතිස්ස තෙරුණ් පෙර ආත්මභාවයක කරන ලද සුළු පාප කර්මයක් බවට උන් වහන්සේ ඍද්දියෙන් දුටුවේය.

මෙම සිදුවීම සිදුවී දිනක් යන්නටත් මත්තෙන් ගම් නියම්ගම් සියල්ල යට කරවාගෙන මුහුද ගොඩ ගලන්නට පටන් ගත්තේ සිදු කළ ආනන්තරීය පාප කර්මය නිසාවෙන් ලත් දේව කෝපය හේතු කොටගෙනය. මෙම දේව සාපයෙන් මිදීමට නම් රාජ ලේ ඇති කුමාරිකාවක් මුහුදට බිලි දිය යුතු විය. ඒ අනුව රාජ දියණියක් වූ දේවි කුමරිය මුහුදට බිලි කිරීමට කටයුතු සිදු කළේය. රැවල් ඔරුවක් තනා එමගින් ඇය මුහුදට බිලි කර එම ශාපයෙන් මිදුනහ. මෙලෙස විශාල විනාශයක් වීමටත් තවත් එක් හොද ක්රිරයාවක් සිදුවීමටත් හේතු වූයේ උඩුගම්පොළ සිට උත්තිය කුමරා යවන ලද මෙම හසුනයි.

ඉහත සදහන් කළ හොද ක්‍රියාව වූයේ මෙම දේවි කුමරිය පාව ගොස් සමුද්‍රගිරි විහාරය අසලින් ගොඩ බට නිසා ඇයට විහාර මහා දේවි යන නාමය දෙන ලදී. ඇයගේ පැමිණීම ඇසු කාවන්තිස්ස රජු විසින් ඇයව සරන පාවා ගත්තේය. මෙම දෙදෙනාගේ එකමුතුවෙන් සැදුන වීර ගැමුණු කුමරු හෙවත් දුටු ගැමුණු රජුන් අප රටට කළ මෙහෙය අප මෙහි සදහන් කළ යුතු නැත. එලෙස රජකු තනන්නට මූලික වස්තු බීජය වූයේ උඩුගම්පොළ සිට උත්තිය කුමරා යවන ලද රහස් පෙම් පතයි.

ඡායාරූප කැලණි විහාර බිතුසිතුවම්

 

 

 

 
 
 
 

ish¨u ysñlï wejßks äfhdka fõí wdh;kh i;=h' Wmqgd .eksula isÿlrhs kï ,sÅ; wjirhla ,nd .; hq;=h'