W;a;sh l=ure meñKsu
il, l,d rcq meñKsu
l¿l=udr yd úruqKav
 
 

 

 

 

සකලකලා වල්ලභ රජුගේ මිනුවන්ගොඩ ආගමනය

“ධර්ම පරාක්‍රමබාහු රජු මව් බිසවට නගා වූ කුමාරිකාවක අඹුලුගල රජ හට දුන්නාහ. අග මෙහෙසුන් කොට ඉද බාල බිසෝ අදහසින් එරජ හට ජාතක කර වැදූ කුමරුවන් දෙදෙනෙකු ඔහු නම් සකලකලා වල්ලභ රජු හා තනියවල්ලභ රජ මේ දෙදෙනාගෙන් සකලකලා වල්ලභ රජු උඩුගම්පොළ උන්නාහ“

මෙම තොරතුරු වලින් අටවැනි වීර පරාක්‍රමබාහු රජුගේ ප්‍රථම අගබිසවුන් ගෙන් කුමාරයෝ හතරදෙනෙක් උපන් බව සදහන් වේ. එනම් විජයබාහු, ධර්ම පරාක්‍රමබාහු, රයිගම් බණ්ඩාර සහ රාජසිංහය. දෙවෙනි නගා බිසවුන්ගන් ලත් සකලකලා වල්ලභ හා තනියවල්ලභ කුමාරයන් කෝට්ටේ රාජ්යා පාලනයට අතිශයින්ම සහාය වූ ප්‍රභල යුව රජුන් දෙදෙනෙකි.

කෝට්ටේ රාජධානියට ආදායම් ලැබන ප්‍රධාන බල ප්‍රදේශයක් ලෙස තනියවැල්ල රජුගේ මාදම්පේ ප්‍රදේශයක් සැළකිණි. මේ ප්රබදේශය ඇත් දළ, මුතු මැණික් සහ සහල් යන වෙළද භාණ්ඩ රැගෙන යන වෙළද මධ්යිස්ථානයක් වශයෙන් සැළකුණි. විශේෂයෙන් දකුණු ඉන්දියාවට ආසන්න වීම නිසාත්, කල්පිටිය, හලාවත, පුත්තලම, මීගමුව වැනි වරාය වලට සමීප වීම නිසාත් වෙළද කටයුතු වේගයෙන් වර්ධනය විය. එම නිසා ආක්රතමණකාරී දකුණු ඉන්දීය හමුදාවන්ද නිරන්තරයෙන් මේ ප්‍රදේශ වලට අවතීර්ණ විය. මෙයින් කෝට්ටේ රාජධානියේ භාණ්ඩාගාරයට ලැබිය යුතු විශාල ආදායමක් අහිමි වී ගියේය. මේ ප්රවභල කොල්ල කරුවන් සිංහල ජනතාවගේ ජන ජීවිතයට මහත් තර්ජනයක් වූයෙන් කෝට්ටේ රජ කරනු ලැබූ ධර්ම පරාක්‍රමබාහු රජුට නිරන්තරයෙන් මැසිවිලි අසන්නට විය. මේ නිසා කෝට්ටේ රජතුමා උඩුගම්පළ සකලකලා වල්ලභ රජු මගින් කදිරායන මුදලියර් අල්ලා සමූල ඝාතනය කරන ලෙස තනියවල්ලභ යුව රජුන් වෙත දන්වා යවනු ලැබීය. මේ සටනට උඩුගම්පළ සිට සකලකලා වල්ලභයන් පැමිණි බව සදහන් වේ.

රාජාවලිය මේ සටන පිළිබද මෙසේ සදහන් කර ඇත.
“මහ සෙනග පිරිවරා සකලකලා වල්ලභ රජ මාදම්පේට ගොසින් තමාගේ මල්ලී වූ තනියවැල්ල රජු හා කථා කරගෙන සකලකලා වල්ලභ රජ අශ්වයාට පැන නැගී තනියවැල්ල රජ ඇත් වාහනයට පැන නැගී දෙමුණෙන් ගොසින් යොන් සේනාව මැදට පැන බොහෝ යොනුන් මරා කදිරායන මුදලියාටත් ඇන මරා මුතු කිමිදින්නට ආ යොන් ගොල්ලන් අල්ලා ගෙන සම්බාන් ඇතුන් ලවා පොඩි කර දමා අසුන් නව දෙනෙකුත් අල්ලා ගෙන ජයවර්ධන නුවරට ඇවිදින් පරාක්රබමබාහු රජ දැක බොහෝ තාන්න මාන්න ලැබ ගෙන රජ දෙකට්ටුවම තම තමන්ගේ නුවර ගියහ“

සටන ජයගත් පසු සකලකලා වල්ලභ රජතුමා කෝට්ටේ රාජධානියට ගෙන්වා කෝට්ටේ රජකම ඔහුට පැවරීමට කටයුතු සූදානම් කළ නමුත් සකලකලා වල්ලභ රජු එය ප්‍රතික්ෂේප කළේය. එම නිසා ඔහුට මිනුවන්ගොඩට අයත් උඩුගම්පොළ ප්‍රදේශයේ රාජධානියක් තනා එහි ප්‍රාදේශීය රජකම දීමට කෝට්ටේ රාජ සභාව තීරණය කළේය. උඩුගම්පොල රාජධානියේ ප්‍රථම රජු ලෙස ඔහු පත්වූයේ මේ ආකාරයෙනි.

Divrum Bodiya
සකලකලා වල්ලභ රජුන් දිවුරුම් දුන් බෝධිය අදටත් වැඩ වසන ආකාරය

සකලකලා වල්ලභ රජුගේ මාළිගාව පිහිටි ස්ථානය වර්ථමානයේ මාලිගාගොඩැල්ල නමින් හදුන්වන අතර එම ස්ථානයේ උත්තරාරාම පුරාණ රජ මහා විහාරය ඉදිකර ඇත. එපණක් නොව රජු දිය නෑ පොකුණ, රජ මාළිගය වටා පිහිටි ආරක්ෂිත දිය අගල ආදියෙහි නටඹුන් අදත් ශේෂව පවතී. වර්තමානයේ උත්තරාරාම විහාරස්ථානය පිහිටි භූමියේ ප්රතමාණය අක්කර 02 දක්වා අඩුවී ඇත. ඉතිරි සියලුම ඉඩමි නව ඉදිකිරීම්, සංවර්ධන යෝජනා ක්රතම, නවීකරණ ආදී කටයුතු නිසා විනාශ මුඛයට ගොස් ඇත.

Divrum Bodiya
සකලකලා වල්ලභ රජුන් ස්නානය කල පොකුන 2011 වන විටදි

King Sakala kala wallaba

සකලකලා වල්ලභ නිරිදුන්

 
 
 
 

ish¨u ysñlï wejßks äfhdka fõí wdh;kh i;=h' Wmqgd .eksula isÿlrhs kï ,sÅ; wjirhla ,nd .; hq;=h'