මිනුවන්ගොඩ ඉතිහාසය

මිනුවන්ගොඩ හෙවත් මිනි රුවන් ගොඩ

වර්තමානයේ අප හදුනන මිනුවන්ගොඩ ප්‍රදේශයට කෝට්ටේ රාජධානියටත් එහා ගිය ඉතාමත් දිගු ඉතිහාසයක් හිමිවේ. එම දීර්ඝ ඉතිහාසය තුළින් පැමිණුන මිනුවන්ගොඩ අදටත් එම නටඹුන් සමග පැවතේ. මිනුවන්ගොඩ නැමැති නාමයද මෙම ඉතිහාසයේම එක්තරා කොටසකි. එය කෝට්ටේ යුගය දක්වා දිව යන දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. කෝට්ටේ යුගයේ ප්‍රාදේශීය රාජධානියක්ව උඩුගම්පොල පැවත තිබුණි. එහිදී අස්වාන නම් ප්‍රදේශයේ අමුණක් සෑදීමට බිළි දෙන ලද කුමාරිකාවන් සත් දෙනෙකුගේ මිණී වල තිබුණු ආභරණ ගොඩ ගැසූ ස්ථානය මිණි භරණ ස්ථානය මිණි රුවන්ගොඩ බවටත් පසුව එය මිනුවන්ගොඩ බවට පත්විය. මේ ආකාරයටම මිනුවන්ගොඩ විවිධ ප්‍රදේශ වලට නම් සෑදී ඇති ආකාරය මෙම වෙබ් අඩවිය තුළින් ඔබට දැන ගත හැකිය.

මිනුවන්ගොඩ ගැන සොයා බලන කළ මෙම විවිධ ඉතිහාස මූලාශ්‍රයන් හා සැසදේ. එහිදී මෙම උඩුගම්පොළ උප රාජධානියට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. මෙම උඩුගම්පළ යන නාමයද සෑදී ඇත්තේ ක්‍රි.පූ. 02 වන සියවසේදී කැළණිතිස්ස රජුගේ සොහොයුරු වූ උත්තිය කුමරා රජුගේ බිසවත් සමග ඇතිකරගත් අනියම් සබදතාවය රජුට සැලවීම නිසාවෙන් මෙම ප්‍රදේශයට පැමිණ සැගව සිටීම නිසාවෙන් උත්තිය කුමරු උඩුගම්බලා පැමිණි ස්ථානය උඩුගම්පොළ බවට පත්විය.

මේ ප්‍රදේශ වල ග්‍රාම නාමයන් විශාල ප්‍රමාණයක් සෑදී ඇත්තේ මෙම රාජධානියේ බලපෑමෙන් බවත්, එපමණක් නොව මෙම ප්‍රදේශයේ පෙළපත් නාම විශාල ප්‍රමාණයක් මෙම රාජධානිය තුළින්, එනම් රජුන් විසින් ප්‍රධානය කළ ඒවා වෙති .

උත්තිය කුමරු උඩුගම්බලා පැමිණි උඩුගම්පොළ

කැළණිය පුරවරය ඒ දවස අයත්ව තිබුණේ මායා රටටය. මෙම කාලයේදී කැළණි පුරවරය අයත්ව තිබුණේ කැළණිතිස්ස රජුටය. එය හිමි වූයෙ ගෝඨභය රජු කැළණි සිහසුන කැළණිතිස්ස රජුට පවරා මාගම්පුරය බලා යාමෙන් පසුවය. කැළණිතිස්ස රජුට උත්තිය නම් සහෝදරයෙකුද විය. මොවුන් කුඩා කළ අකුරු උගත්තේ එකටමය.

තව කියවන්න

සකලකලා වල්ලභ රජුගේ මිනුවන්ගොඩ ආගමනය

“ධර්ම පරාක්‍රමබාහු රජු මව් බිසවට නගා වූ කුමාරිකාවක අඹුලුගල රජ හට දුන්නාහ. අග මෙහෙසුන් කොට ඉද බාල බිසෝ අදහසින් එරජ හට ජාතක කර වැදූ කුමරුවන් දෙදෙනෙකු ඔහු නම් සකලකලා වල්ලභ රජු හා තනියවල්ලභ රජ මේ දෙදෙනාගෙන් සකලකලා වල්ලභ රජු උඩුගම්පොළ උන්නාහ“

තව කියවන්න

මිනුවන්ගොඩ පුරවරයෙන් බිහි වු කළුකුමාර

සකලකලා වල්ලභ රජතුමාගේ බිසවට දාව කළුකුමාර නම් පුත් කුමරෙක් විය. මෙම කුමාරයාට කුමාර බණ්ඩාර, මැණික් සාමි, මල්මද කුමරා යන නම් වලින්ද හදුන්වනු ලැබිය. මීට අමතර රජුට දාව රදා ලියකට උපන කුමරෙක්ද සිටි අතර ඔහු විරමුණ්ඩ හෙවත් වීරයා ලෙස හැදින්විය. වැඩි වියට පත් කළුකුමාර සහ විරමුණ්ඩ එක්ව රාජ්යතත්වය පැහැර ගැනිමට සිතුවේය.

තව කියවන්න

ñkqjkaf.däka ìys jq ÿkqudf,a foúhka n,dfmdfrd;a;= jkak

 
 
 

ish¨u ysñlï wejßks äfhdka fõí wdh;kh i;=h' Wmqgd .eksula isÿlrhs kï ,sÅ; wjirhla ,nd .; hq;=h'