W;a;sh l=ure meñKsu
il, l,d rcq meñKsu
l¿l=udr yd úruqKav
 
 

 

 

 

මිනුවන්ගොඩ පුරවරයෙන් බිහි වු කළුකුමාර

සකලකලා වල්ලභ රජතුමාගේ බිසවට දාව කළුකුමාර නම් පුත් කුමරෙක් විය. මෙම කුමාරයාට කුමාර බණ්ඩාර, මැණික් සාමි, මල්මද කුමරා යන නම් වලින්ද හදුන්වනු ලැබිය. මීට අමතර රජුට දාව රදා ලියකට උපන කුමරෙක්ද සිටි අතර ඔහු විරමුණ්ඩ හෙවත් වීරයා ලෙස හැදින්විය. වැඩි වියට පත් කළුකුමාර සහ විරමුණ්ඩ එක්ව රාජ්යතත්වය පැහැර ගැනිමට සිතුවේය. එයට හෙතුව වුයේ සකල කලා වල්ලභ රජු එවකට රටේ සිදු වු කැරළි කොලාහල මර්ධනය කිරිමේ දක්ෂයකු විම හෙයින් ඔහුගේ රාජ්යු කාලය ඉතාමත් දිර්ඝ එකක් විය. මෙයින් කලකිරිමට පත් කළුකුමාර සහ විරමුණ්ඩ එක්ව රජු මරා රාජ්යෙත්යට පත් විමට සිතා රජු නාන පොකුණේ (පතහ නමින් අද දින හැදින්වෙන) උල් සිටවිය. උදැසන ජලස්නානයට පැමිණි රජු ජලය මත බඹරුන් වසා සිටිනවා දැක ඊට හේතුව විමසිමේදි තමා ඝාතනය කිරිම සදහා පොකුණේ දිය යට උල් සිටුවා ඇති බවත් ඒ මත බඹරුන් වසා ඇති බවත් දැනගත්තේය. මෙසේ විමට හේතුව විචාරිමේදි සිය පුතුගේ ක්රුමන්ත්රජණය දැන උදහසට පත්ව පුතුන් දෙදෙනා අල්ලා ගැනිම සදහා සේනාවක් පිටත් කරන ලදි. එවිට එම කුමරුවන් පලා ගිය මාර්ගය යාතිකාවේ දැක්වෙන පරිදි අස්ගිරිය ගම මැදින්, අම්බලන් දෙක මැදින්, කෑරගල පසු කර ගොස් කුරුවිට ගගෙන් එගොඩ වී, සීත ගගුලෙන් එගොඩ වී ගොස් ඉරහද පායන සුර්ය උදාව බලා (පසුවදා උදේ ) නවාතැන් ගන්නා ලදි. යන ආකාරයට දැක්වේ. මෙසේ ගොස් බැලීමේදි රාජ සේනාව තමා පසු පස එන බවට මායාවක් සේ පෙනෙන්නට විය. එවිට ශ්රීගපාද අඩවියේ කුණුදිය පර්වතය නැමති පව්වෙන් පැන කුමරුවන් දිවි නසා ගන්නා ලදි.

මෙයින් පසු ප්‍රදේශය පුරා නොයෙකුත් වසන්ගත රෝග පැතිරෙන්නට විය. මෙයින් කලබල වු ප්‍රදේශ වාසින් මෙම උපද්රුව වලින් බේරිම සදහා දිය යුතු පිදවිල්ල සොයා බලන ලදි. කළුකුමාර කංකාරියේ ආරම්භය මෙයයි. මෙය අළුත් සහල් මංගල්‍ය, දෙවියන් වැදිම යනුවෙන්ද හදුන්වයි.

මෙහිදි කුඹුරු කපා ගොයම් ගෙට ගත් පසු අළුත් වී වලින් දෙවියන්ගේ සහ යකුන්ගේ නමින් වී මුල් දෙකක් වෙන් කරයි. එක් වී මුලක දේ යනුවෙන් සටහන් කරන අතර එය දෙවියන් සදහාත් අනෙක් වී මුල ය යනුවෙන් සදහන් කරන අතර එය යකුන් සදහාත් වෙන් කරනු ලබයි. දෙවියන් වෙන් කල වී මුල ගමේ දෙවොල් මඩුවට යවයි. යකුන්ට වෙන් කල වී මුල ගෙදර මල් බුලත් තටුවක් සාදා වී භාරය හරී. ඒ සදහා මල්බුලත් තටුවක් සාදා එයට වී ටිකක් තබා ගෙදර සිටින අයවලුන්ගේ ගණනට පඩුරු තබයි. ඊට අමතරව පුවක් මල්, පොල් මලක්, කහදිය බෝතලයක්, බුලත්, වන මල් තබා ගෙදර උදවිය පැදුරක වාඩි කරවා යාතිකා කරනු ලබයි. මෙයට යාතිකා කට පාඩමින් දන්නා සුවිශේෂි පුද්ගලයකු හෝ දෙවාලයක කපු මහතකු සම්බන්ද වේ. යාතිකාවෙන් පසු කපු මහතා විසින් වී ටිකක් ගෙන හපා භාරය හරි.

මෙසේ අළුත් සහල් ගෙට ගෙන වී භාරය හැරීමට පෙර පිළිපැදිය යුතු සාම්ප්‍රධායිකව පැවත එන චාරිත්‍ර කිහිපයක් වේ.

 පිටි කෙටීම
 කැවුම් ඉවීම
 කෙසෙල් කැන් බ්ම් තැබීම.
 මළ ඉරු බසින වේලාවන් වලදී කෑ කොස්සන් නොගැසීම.
 බෙර රබන් වැයීම.
 තෙල් තාච්චි ලිප තැබීම.
 කිරිබත් කැබලි කැපීම.
යන ආදිය නොකළ යුතු දෑ ලෙස සදහන් වේ.

මෙසේ නිවසේදීම වී භාරය හරිනවාට අමතරව ගමම එකතුවී දේවාලයක මහත් සරුවට ද මෙම කාර්යය කරනු ලබයි. මෙය වත් පොහොසත්කම් අනුව තුන්කට්ටුව පිදීම සහ හත් කට්ටුව පිදීම ලෙස පිදුම් කරනු ලබති.

තුන් කට්ටුවට අදාල දෙවිවරු වීරමුණ්ඩ දෙවියෝ (ප්‍රධාන) කළුකුමාර දෙවියෝ දේවතා බණ්ඩාර දෙවියෝ

හත් කටුටවට අදාල දෙවිවරු වීරමුණ්ඩ දෙවියෝ (ප්‍රධාන) කළු කුමාර දෙවියෝ දේවතා බණ්ඩාර ගලේ බණ්ඩාර යාපා බණ්ඩාර හිටි බණ්ඩාර මැණික් බණ්ඩාර

මෙහිදී පහන් සාදා කන්කාරිය පිදීම කරනු ලබයි. කන්නාරි පුදා අවසානයේ කඩවර ගොටුව දිය යුතුය. මෙය සාදා රා, අරක්කු, කන්සා, අබින් වැනි සියළු මත්ද්ර ව්යත සහ කුකුල් බිලි, එළු බිලි(ලේ ස්වල්පයක්) ගෙන ගොටු තැබීම කරනු ලබයි. මෙහිදී තුන් කට්ටුව සදහා බත් මුට්ටි තුනක් පිස කඩවර ගොටු තුනක් තබන අතර හත් කට්ටුව සදහා බත් මුට්ටි හතක් පිස කඩවර ගොටු හතක් තබයි. මෙම කංකාරිය කරනු ලබන්නේ අලුත් වී කොටා ඒවායින් ලබා ගන්නා සහල් වලිනි. මෙම වී කොටා ලබා ගන්නා සහලින් බත් පිස, හත් මාළුව සමග කෙසෙල්, කැවිලි යනාදිය පිස පිදවිලි කොට පැමිණ සිටින සියලු දෙනාට සංග්රසහ කරනු ලබයි. මෙම කාර්යය සිදු කරනු ලබන්නා “කොට්ටෝරුවා“ නමින් හැදින්වෙන අතර ඔහු කපු මහතාගේ ආතතේව කරුවෙකි. එම පුද්ගලයා සියළු මත්ස්ය් මාංශයන්ගෙන් වැළකී, නා පිරිසිදු වී මෙම කාර්යය සිදු කරනු ලබයි.

l¿l=udr hdÈkak'
zz wjir miajdka oyila ;sry;a ld,hla lmamdka ;srhla wyi fmdf<dj mj;skakdf;alg br yo mj;skd f;alg l¿l=udr nKAvdr foúhka jykai Tn jykafia il,l,dj,a,Nndyq rÊcqrejkaf.a l=udrhd ienEi;a; kï msh rÊcqrejkag yÈlx lrjd m;fya W,a isfgda,d i¨ wmq,a,k weue;a;fhla tlal ysfï y;a.õj n,d jodr,d l=KqÈh mrejf;a m,af,a mek ñh hla ù jodr,d furg uy;a foúhkag f;o lS¾;shla mdf.k Bßh.ug jevu lr jodrd Bßh.u hlaihdg fldgd Bßh.u u¿fõ ;snqK ;,a .ia fol tlg ,Kq wUrjdmq f;o ls¾;shla md f.K wvqlal= uqre;eka ux.,a,j,a Tmamq wrf.k l¿ l=udr foúhka jykafiaf.ka jkakd jq hlai Wmødj,a ÿrelr n,d wdfh;a tk wjqreoafoa w.=re ÿïu, w;la w,a,k ;=rd lsishï hla fodaIhla foaú fodaIhla fmakav bvla ;shkafka ke;=j il, Yír mxpialkaoj,a foajdrlaIdjd Nkaojd fokav l¿l=udr foúhka jykafiaf.ka wjir lmamdka;srhlgu wdhqfnda fõjdZZZZ

 

 
 
 
 

ish¨u ysñlï wejßks äfhdka fõí wdh;kh i;=h' Wmqgd .eksula isÿlrhs kï ,sÅ; wjirhla ,nd .; hq;=h'